වැල්ලම්පිටිය, සේදවත්ත ප්රදේශයේ පාළු නිවසක සූක්ෂමව සඟවා තිබූ මෙරට නිෂ්පාදිත බවට සැකකරන රොවෝල්වර වර්ගයේ ගිනි අවියක් සොයාගෙන තිබෙනවා.
ඒ, කොළඹ අපරාධ දිසා කොට්ඨාසයේ නිලධාරීන් කණ්ඩායමක් විසින්.
ඕමානයේ රැදී සිටියදී අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙනවිත් කොළඹ අපරාධ දිසා කොට්ඨාසයේ රදවා සිටින දිමුතු චතුරංග හෙවත් ‘සමිට්පුර චතූ‘ නැමැති සංවිධානාත්මක අපරාධකරුගෙන් සිදුකළ ප්රශ්න කිරීම් හමුවේයි එම ගිනි අවිය සොයාගෙන ඇත්තේ.
28 හැවිරිදි වියෙහි පසුවන මෙම සැකකරු ශ්රී ලංකාවෙන් පලාගොස් ඕමානයේ සැඟව සිටියදී අත්අඩංගුවට ගෙන පසුගිය 18 වනදා දිවයිනට රැගෙන එනු ලැබුවා.
ඉන් අනතුරුව සැකකරු වැඩිදුර විමර්ශන සදහා කොළඹ අපරාධ දිසා කොට්ඨාසය වෙත භාර දෙනු ලැබුවා.
ඒ අනුව සමිට්පුර චතූගෙන් කළ ප්රශ්න කිරීම් හමුවේ විදේශයක සිට මෙරටට ගෙන එන ලද බවට සැකකෙරෙන රිවෝල්වරයක් සහ සජීවී පතරොම් 12ක් මට්ටක්කුලිය ප්රදේශයේ නිවසක සඟවා තිබියදී පොලීසිය මීට පෙරද සොයාගනු ලැබුවා.




