රක්‍ෂිත බන්ධනාගාරගත කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය වෙත රැගෙනවිත් තිබෙනවා.

ඒ, ඔහු රදවා සිටින කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ සිටයි.

ආන්දෝලනාත්මක ‘ක්‍රිෂ්‘ ගනුදෙනුවට අදාළ නඩු කටයුත්ත සඳහා සහ එයාර් බස් ගනුදෙනුව සම්බන්ධයෙන් සිදුකරන විමර්ශයනකට අදාළවයි නාමල් රාජපක්‍ෂ මන්ත්‍රීවරයා එලෙස අධිකරණය වෙත රැගෙනවිත් ඇත්තේ.

මේ අතර ආන්දෝලනාත්මක ‘ක්‍රිෂ්‘ ගනුදෙනුවට අදාළව අල්ලස් කොමිසම විසින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ පවරනු ලබන නඩුවකදී නාමල් රාජපක්ෂ මහතා එහි සිව්වන සැකකරු ලෙස නම් කරනු ලැබුවා.