Published
එයාර් බස් ගනුදෙනුව සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්රී නාමල් රාජපක්ෂ මහතා ඇතුළු විත්තිකරුවන් පිරිසකට එරෙහිව ස්ථිර ත්රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ අධි චෝදනා ගොනු කර ඇතැයි අල්ලස් කොමිසම අද කොළඹ මහේස්ත්රාත් අධිකරණයට දැනුම් දුන්නා.
ඒ අනුව විත්තිකරුවන්ට එරෙහිව චෝදනා 24 ක් ඇතුළත් වන බවත් අල්ලස් කොමිසම වෙනුවෙන් පෙනී සිටි නියෝජ්ය සොලිසිටර් ජෙනරාල් ජනක බණ්ඩාර මහතා අධිකරණයට දැනුම් දුන්නා.
කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ රදවා සිටින පාර්ලිමේන්තු මන්ත්රී නාමල් රාජපක්ෂ මහතා බන්ධනාගාර බස් රථයකින් අද පෙරවරුවේ අධිකරණය වෙත රැගෙන එනු ලැබුවා.




