Published
නැගී එන ජාතීන්ගේ කාන්තා පන්දුවාර විස්ස ක්‍රිකට් තරගාවලියේ පිටපිටම හතරවන ජයග්‍රහණයත් හිමිකර ගැනීමට ශ්‍රී ලංකාව සමත් වුණා.
ඒ සක්කාරක එක්සත් අරාබි එමිර් රාජ්‍ය කණ්ඩායම පරාජය කරමින්.
පළමුවෙන් පන්දුවට පහර දුන් එක්සත් අරාබි එමිර් රාජ්‍යය කණ්ඩායම නියමිත පන්දුවාර 20දී කඩුලු 8ක් දැවී ලකුණු 106ක් ලබාගත්තා.
ශ්‍රී ලංකා ක්‍රිඩිකාවන් තරඟය ජය ගත්තේ පන්දුවාර 15ක් පමණක් වැය කරමින් කඩුලු 5ක් පමණක් දැවී ලකුණු 107ක් ලබාගනිමින්.
පළමුව තරග තුනේදී මෙන්ම නැවතත් විශිෂ්ට පිතිහරඹයක යෙදුණු විශ්මි ගුණරත්න පන්දු 45කදී ලකුණු 63ක් ලබා ගත්තා.
කුෂාණි නුත්‍යංගනා පන්දු 25කදී ලකුණු 25යි.
කවිෂා දිල්හාරි ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් වඩාත්ම සාර්ථක පන්දු යවන්නිය වුණා.
ඒ ලකුණු 22ට කඩුලු 3ක් දවා ගනිමින්.
තරගයේ දක්ෂතම ක්‍රීඩිකාව ලෙසද ඇය සම්මාන දිනා ගත්තා.




