පසුගිය වසරේදී මෙරටින් බරවා රෝගීන් 68ක් හඳුනා ගැනීමට හැකිවී ඇති බව බරවා මර්දන ව්‍යාපාරයේ අධ්‍යක්ෂ වෛද්‍ය ප්‍රසංග සේරසිංහ මහතා පවසනවා.

ඉන්දියාවේ සිට රැකියා සඳහා මෙරටට පැමිණ පුද්ගලයින් 34 දෙනෙක්ද ඒ අතර වන බවයි ඔහු කියා සිටියේ.

මෙම රෝගය විශේෂයෙන්ම හම්බන්තොට, ගාල්ල, මාතර, කලුතර, ගම්පහ, කොළඹ කුරුණෑගල ප්‍රධාන දිස්ත්‍රික්ක 7ක වැඩි වශයෙන් පවතින බව වෛද්‍ය ප්‍රසංග සේරසිංහ මහතා වැඩිදුරටත් පැවසුවා.