Published
ඇදහැළෙන මහ වැසි හමුවේ වාන් දොරටු විවෘත කර ඇති ජලාශ ප්‍රමාණය තවත් ඉහළ ගොස් තිබෙනවා.
ඒ අනුව අද පෙරවරු 6 වන විට ප්‍රධාන ජලාශ 73න් 18 ක සහ මධ්‍ය පරිමාණ ජලාශ 18 කද වාන් දොරටු විවෘත කර ඇති බවයි වාර්මාර්ග දෙපාර්තමේන්තුවේ ජල කළමණාකරණ අධ්යක්ෂ ඉංජිනේරු එච් එම් ටී එස් ඩී හේරත් මහතා පැවසුවේ.
ඒ අනුව අනුරාධපුර දිස්ත්‍රික්කයේ රාජංගණය සහ නාච්චදූව ජලාශවලද බදුල්ල දිස්ත්‍රික්කයේ අඹේවෙල් ජලාශයේද වාන් දොරටු විවෘත කර තිබෙනවා.
හම්බන්තොට දිස්ත්‍රික්කයේ ලුණුගම්වෙහෙර, තිස්සවැව. වීරවිල, යෝධ වැව සහ වෙහෙරගල ජලාශද ඒ අතරට අයත් බවයි වාර්මාර්ග දෙපාර්තමේන්තුවේ ජල කළමණාකරණ අධ්යක්ෂ ඉංජිනේරු එච් එම් ටී එස් ඩී හේරත් මහතා පැවසුවේ.
ඒ අනුව එම ජලාශ ආශ්රිත පහත්බිම්වල ජනතාව ඒ පිළිබද තවදුරටත් අවධානයෙන් සිටිය යුතු බවයි මෙහිදි ප්‍රකාශ කෙරුණේ.




