කිරිඇල්ල, ඉඩංගොඩ, නාරංගස්හේන ප්‍රදේශයේ නිවසකට වෙඩි ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා.

ප්‍රසිද්ධ සංගීත කණ්ඩායමක ගායකයෙකුගේ නිවසකට එලෙස වෙඩි ප්‍රහාරය එල්ල වී ඇති බවයි කිරිඇල්ල පොලිසිය පැවසුවේ.

එම වෙඩි ප්‍රහාරයෙන් කිසිවෙකුටත් හානි සිදුව නැහැ.

වෙඩි ප්‍රහාරය එල්ල කර ඇත්තේ එම නිවස පිටුපස ජනේලයකටයි.

කෙසේවෙතත් වෙඩි තැබීමට සම්බන්ධ සැකකරු විදේශ රටක නිෂ්පාදිත බොර 12 වර්ගයේ ගිනි අවියද සමග අත්අඩංගුවට ගත් බවයි පොලිසිය පැවසුවේ.

අත්අඩංගුවට ගත් සැකකරුගේ බිරිඳ සමඟ සංගීත කණ්ඩායමේ ගායකයා අනියම් සම්බන්ධතාවයක් පැවත්විම හේතුවෙන් මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවටයි සැක කෙරෙන්නේ.

අත්අඩංගුවට ගෙන ඇත්තේ දොඩම්පේ ගොරකාඇල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.