Published
රජයේ ඇතැම් ක්ෂේත්රවල පිරිසකට පමණක් වැටුප් වැඩි කිරීමට ඉදිරිපත් කර ඇති අයවැය යෝජනාව සම්බන්ධයෙන් සෙසු ක්ෂේත්රවල පාර්ශවයන්ගෙන් ආණ්ඩුවට තවදුරටත් චෝදනා එල්ල වනවා.
පොදුජන ප්රගතිශීලි සේවක සංගමයේ ප්රධාන ලේකම් බන්දුල සමන් කුමාර මහතා පැවසුවේ අදාළ යෝජනාව සංශෝධනය කර වැඩ කරන කම්කරු ජනතාවටද සහනයක් සැලසීමට ආණ්ඩුව කටයුතු නොකරන්නේ නම් ඊට එරෙහිව දැඩි වෘත්තීය ක්රියාමාර්ගවල නිරත වන බවයි.
ආණ්ඩුව මෙවර ඉදිරිපත් කර ඇත්තේ රාජ්ය සේවකයින් භේද බින්න කරන අයවැයක් බව රාජ්ය සේවා ජාතික වෘත්තිය සමිති සම්මේලනයේ ලේකම් සම්පත් රාජිත මහතා පැවසුවා.
එවන් පසුබිමක් තුළ රාජ්ය සේවකයන් සියයට 95 ක් පමණ අසරණ වි ඇති බවයි ශ්රී ලංකා රාජ්ය නිලධාරී වෘත්තිය සමිති සම්මේලනයේ සභාපති සුමිත් කොඩිකාර මහතා පැවසුවේ.




