Published
පුලියන්කුලම ප්රදේශයේ පුරාවස්තු සොයා කැණීම් සිදුකරමින් සිටි සැකකරුවන් සිව් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ලද තොරතුරක් මත සිදුකළ වැටලීමකදී සැකකරුවන් අත්අඩංගුවට ගත් බවයි පුලියන්කුලම පොලීසිය පැවසුවේ.
සැකකරුවන් වලස්මුල්ල, ගල්නෑව, ගලේවෙල හා දුටුවැව ප්රදේශවල පදිංචිකරුවන් බවට අනාවරණ වී තිබෙනවා.
සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්රියාත්මක බවයි පුලියන්කුලම පොලිසිය වැඩිදුරටත් පැවසුවේ.




