ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු සහ සංවිධානාත්මක අපරාධකරුවකු වන, දැනට විදේශගතවී සිටින “හීනටියන මහේෂ්” නැමැත්තාගේ ඥාතියකු බව කියන ”ජින්ගා” නැමැත්තා අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ, විදේශ රටක නිෂ්පාදිත පිස්තෝල වර්ගයේ ගිනි අවියක්, මැගසිනයක් සහ ටී56 ගිනි අවි උණ්ඩ 25ක් ද සමගින්.

බස්නාහිර පළාත් උතුරු අපරාධ කොට්ඨාසයෙන් නිලධාරීන් කණ්ඩායමකට ලැබුණු තොරතුරක් මත සිදුකළ වැටලීමකදීයි ඔහු අත්අඩංගුවට ගෙන ඇත්තේ.

සැකකරුගෙන් ලබාගත් ප්‍රකාශ මත සිදුකළ විමර්ශනවලදී අනාවරණ වී ඇත්තේ “හීනටියන මහේෂ්” නැමැත්තා පාතාල ක්‍රියාකාරකම් සහ බලය පතුරවමින් මිනුවන්ගොඩ, අංගොඩ, හීනැටියන සහ කටුනායක යන ප්‍රදේශවල විවිධ අපරාධ සහ ජනතාවගෙන් කප්පම් මුදල් රැස්කිරීමේ කටයුතුවල නිරතව ඇති බවයි.