මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවන්ගෙන් සියයට 14ක් සංචාරක කර්මාන්තයට සම්බන්ධ අය බව අනාවරණය වී ඇතැයි පුනරුත්ථාපන කාර්යංශයේ කොමසාරිස් ජනරාල් බ්‍රිගේඩියර් එම් එස් අමිත් මහතා පවසනවා.
ඔහු කියා සිටියේ ඔවුන්ගෙන් පිරිසක් හෝටල් ක්ෂේත්රයට ද සම්බන්ධ බවයි.
''2024 සහ 25 වසරට සාපේක්ෂව, 2026 11 වෙනි මස 1 වෙනිදා සිට 2026 11 වෙනි මාසයේ 4 වෙනි දින දක්වා 14. % ක ප්‍රගතියක් අපි දකිනවා පුනරුත්ථාපනය සඳහා භාජනය වූ පුද්ගලයින්ගේ. ඒ මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ පුද්ගලයින්ගෙන් 14 % ක් අපි මධ්‍යස්ථානවලට ආපු අයගෙන් හෝටල් කර්මාන්තයේ එහෙම නැත්නම් සංචාරක කර්මාන්තයේ නියැලුණු පුද්ගලයින්. පුනරුත්ථාපනය කිරීමෙන් සමාජගත කිරීමේදී වසර දෙකක් ඇතුළත භාවිත කරන පුද්ගලයින් ඇවිල්ලා 5.34 % කින් අඩු වෙලා තියෙනවා. මේ වසරේ මේ වන විට 19.21 % යි. ඉතින් මේ වගේ ප්‍රගතියක් අපි දකිනවා. 076 962 7761 කියන අංකයට අපිට අමතන්න. ඔබට නීතියේ රැහැනට හසුවෙනකන් ඉන්න එපා. මේක අවස්ථාවක් කරගන්න. ඔබට ස්වේච්ඡාවෙන් ඔබට පුනරුත්ථාපනය වෙන්න පුළුවන්''
මේ වසර තුළ විෂ මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 15,282ක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ අනුව අයිස් කිලෝග්‍රෑම් 6,528ක්, හෙරෝයින් කිලෝග්‍රෑම් 4,000ක් අත්අඩංගුවට ගෙන ඇති බව සදහන්.
එමෙන්ම වෙනත් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 2,598ක්, හෂීස් කිලෝග්‍රෑම් 1,841ක්, කොකේන් කිලෝග්‍රෑම් 314ක්, මත්පෙති සහ කරල් මිලියන 4.5කට ආසන්න ප්‍රමාණයක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ගංජා ද ඇතුළුව අත්අඩංගුවට ගෙන ඇති මෙම මත්ද්‍රව්‍යවල වල මුළු වටිනාකම රුපියල් බිලියන 224ක් වෙනවා. එනම් රුපියල් කෝටි 21,800ක්.




