දෙවුන්දරට දකුණු දෙසින් වූ ජාත්‍යන්තර මුහුදේ සිදු කළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී, මත්ද්‍රව්‍ය තොගයක් සමඟ සැකකරුවන් හත් දෙනෙකු ශ්‍රී ලංකා නාවික හමුදාව මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
හෙරොයින් සහ අයිස් බවට සැක කෙරෙන මෙම මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරමින් තිබූ ධජ රහිත යාත්‍රාවක්ද නාවික හමුදා භාරයට ගෙන ඇති බවයි සඳහන් වන්නේ.
අත්අඩංගුවට ගත් සැකකරුවන් සහ යාත්‍රාව, ඉදිරි විමර්ශන සහ නීතිමය කටයුතු සඳහා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය වෙත භාර දීමට මේ වන විට ගොඩබිමට රැගෙන එමින් සිටිනවා.
දේශීය හා විදේශීය බුද්ධි අංශ, සමුද්‍රිය හවුල්කරුවන් සහ ශ්‍රී ලංකා ගුවන් හමුදාව සමඟ එක්ව සිදු කළ සම්බන්ධීකරණ හා නිරීක්ෂණ මෙහෙයුම්වල ප්‍රතිඵලයක් ලෙසයි මෙම වැටලීම සාර්ථක වී තිබෙන්නේ.
කොළඹ තොරතුරු විලයන මධ්‍යස්ථානය හරහා චන්ද්‍රිකා තාක්ෂණය ඇතුළු නවීන තාක්ෂණික දත්ත ඒකාබද්ධ කරමින් සාගර නිරීක්ෂණ කටයුතු පුළුල් කර ඇති බවද වාර්තා වනවා.
2025 ඔක්තෝබර් මාසයේදී ආරම්භ කළ "රටම එකට" ජාතික මෙහෙයුමේ දිගුවක් ලෙස මෙම වැටලීම සිදු කර තිබෙනවා.
එම මෙහෙයුම ආරම්භ වූ දා සිට මේ දක්වා නාවික හමුදාව රුපියල් බිලියන එකසිය දහසයකට අධික දල වීථි වටිනාකමකින් යුත් මත්ද්‍රව්‍ය අත්අඩංගුවට ගෙන ඇති බවයි පැවසෙන්නේ.
එමෙන්ම දෙදහස් විසිහය ජනවාරි මාසයේ සිට මේ දක්වා සිදු කළ මෙහෙයුම්වලින් විදේශීය යාත්‍රා හතරක් ඇතුළුව යාත්‍රා හැටහයක් සහ විදේශිකයන් දහඅට දෙනෙකු ඇතුළුව සැකකරුවන් තුන්සිය හැත්තෑනව දෙනෙකු නීතිය හමුවට පමුණුවා තිබෙනවා.
මේ පිළිබඳ වැඩිදුර තොරතුරු ඉදිරියේදී ලබා දීමට නාවික හමුදාව බලාපොරොත්තු වනවා.




