වෙසක් නරඹමින් සිටි මහජනයාට පීඩාවක් වන අයුරින් ඝෝෂාකාරී ලෙස අධික ශබ්ද නගමින් යතුරුපැදි පදවමින් සිටි තරුණයන් දස දෙනෙකුට අධික පිරිසක් එම යතුරුපැදි සමඟ අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ, බණ්ඩාරගම පොලිසිය සිදුකල වැටලිමකදියි.

පොලිස් භාරයට ගත් බහුතරයක් යතුරු පැදිවල සයිලන්සර් කපා වෙනස්කර සාමාන්‍ය ක්‍රමවේදය උල්ලංඝනය තිබු බවයි පොලිසිය පැවසුවේ.

ඒවාට විවිධ කොටස් එක්කර අධික ශබ්දයක් නිකුත් නිකුත්කරන ලෙස සකස් කර තිබෙනවා.

බණ්ඩාරගම නගරයේ රථවාහන රාජකාරී යෙදී සිටි පොලිස් නිලධාරීන් තරුණයන් පිරිස එම යතුරු පැදි සමඟ අත්අඩංගුවට ගෙන පොලිස් ස්ථානයට රැගෙන ඒමෙන් අනතුරුව පොලිස් ඇපමත මුදා හැරුණා.

අදාළ යතුරුපැදි මෝටර් රථ පරීක්ෂක වෙත ඉදිරිපත් කර ඒ සම්බන්ධයෙන් චෝදනා පත්‍රයක් සකස්කර අදාල යතුරුපැදිවල හිමිකරුවන් සමග අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.