Published
අවිස්සාවේල්ල පොලිස් ස්ථානය වෙත වාර්තා වී තිබූ යතුරුපැදි සොරකම් රැසකට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙකු ඇහැලියගොඩ පොලිස් වසමේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ, අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 16යි මිලිග්‍රෑම් 990ක් සහ ජාවාරමෙන් උපයාගත් බවට සැකකරු කරන රුපියල් 14,850ක මුදලක් සමඟයි .
ඇහැලියගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අවුරුදු 30 සහ 31 වයස්වල පසුවන මෙම සැකකරුවන් සතු ව තිබී සොරාගත් යතුරුපැදි හයක්ද විමර්ශන නිලධාරීන් විසින් සොයාගෙන ඇති අතර, සිද්ධ්ය සම්බන්ධයෙන් අවිස්සාවේල්ල පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනවා.




