රන් භාණ්ඩ සොරකම් කිරීමේ සිද්ධින් කිහිපයකට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙකු මීගමුව පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වැල්ලම්පිටිය හා කොලොන්නාව ප්‍රදේශවල පදිංචිකරුවන් දෙදෙනෙක්.

ඔවුන් විසින් සොරකම් කරන ලද රන් මුදු 12 ක් පොලිසිය විසින් සොයාගෙන තිබෙනවා.

එම සැකකරුවන් දෙදෙනා පුත්තලම පොලිස් වසමේ සිදුවූ රන් භාණ්ඩ සොරකමකට ද සම්බන්ධ බවටයි අනාවරණ වී ඇත්තේ.

එමෙන්ම මීගමුව පොලිස් වසමේ සිදුවූ රන් භාණ්ඩ සොරකමකට ඔවුන් පැමිණි යතුරු පැදිය ද පොලිස් භාරයට ගෙන තිබෙනවා.