Published
මුදල් කොල්ලයක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි හිටපු අමාත්‍ය ශාන්ත බණ්ඩාර මහතාගේ පුත් අනුද ජනාදිත් බණ්ඩාර මහතා ඇතුළු සැකකරුවන් 5 දෙනා ඇප මත මුදා හැරීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළා.
ඒ වැඩිදුර විභාගය සඳහා සැකකරුවන් මහේස්ත්‍රාත් අධිකරණය වෙත අද ඉදිරිපත් කළ අවස්ථාවේදීයි.
මෙහිදී සැකකරුවන් වෙනුවෙන් රුපියල් ලක්ෂ 5 ශරීර ඇප නියම කෙරුනා.
ඊට අමතරව ඔවුන්ගේ විදේශ ගමන්ද තහනම් කිරීමටයි මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළේ.
චීන ජාතිකයෙකුගෙන් රුපියල් කෝටි 02ක මුදලක් කොල්ලකෑ සිද්ධියක් සම්බන්ධයෙන් සැකකරුවන් චෝදනා ලබා සිටිනවා.
හිටපු අමාත්‍යවරයාගේ පුත්‍රයාට එරෙහි චෝදනාව වන්නේ මෙම කොල්ලය සඳහා ආධාර අනුබල ලබාදීම සහ කුමන්ත්‍රණය කිරීමයි.
පොලිසිය විසින් ඉකුත් 21 වනදා ඔවුන් අත්අඩංගුව ගත්තා.




