අනුරාධපුර රුවන්වැලි මහා සෑය වටා ආරක්ෂිත වැටක් ඉදිකිරීමට ඉදිරිපත්ව ඇති යෝජනාව බෞද්ධ උරුමයට සහ චෛත්‍යයේ පුරාවිද්‍යාත්මක වටිනාකමට බරපතළ හානියක් බව ප්‍රාමාණික විද්වතුන් පෙන්වා දෙනවා.

අනුරාධපුර පූජා නගර සංවර්ධන සැලැස්ම ලෙස නිකුත් කර ඇති අති විශේෂ ගැසට් නිවේදනයේද මෙම යෝජනාව ඇතුළත්.

Neth News සමග මේ පිළිබඳ සංවාදයකට එක්වෙමින් දේශ හිතෛෂී ජාතික ව්‍යාපාරයේ ප්‍රධාන ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පැවසුවේ ආණ්ඩුව මේ සූදානම් වන්නේ චෛත්‍යයක් ලෙස වන්දනාවට ලක් වන රුවන්වැලි මහා සෑය ස්මාරකයක් ලෙස වෙනස් කිරීමටදැයි සැක සිතෙන බවයි.

Neth News YouTube නාලිකාවේ Viral Talk විශේෂාංගය වෙනුවෙන් ඩිල්ෂාන් සඳකැකුළු මඩවල සමග මෙම සංවාදය සිදු කෙරුණ.

ආරක්ෂිත වැට ඉදිකිරීම සඳහා රුවන්වැලි මහා සෑය වටා මල් ආසන ඉවත් කිරීමේ සැලසුමක්ද පවතින බව මෙහිදී ප්‍රකාශ කෙරුණා. වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා වැඩිදුරටත් පැවසුවේ ඉන්දීය බලපෑම මත මෙම සැලසුම සකස් වී ඇතැයි ද සැක සිතන බවයි.