Published
2027 වර්ෂයට අදාළ පාසල් වාර සටහන, රජයේ නිවාඩු දින දර්ශනය සහ ප්‍රධාන විභාග පැවැත්වෙන කාලවකවානු ඇතුළත් චක්‍රලේඛය නිකුත් කර තිබෙනවා.
ඒ, අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය විසින්.
ඒ අනුව රජයේ නිවාඩු දින හා විභාග කාලසටහන් සලකා බලමින් රජයේ සහ රජයේ අනුමත පෞද්ගලික පාසල් මෙන්ම පිරිවෙන් දින 197ක් පැවැත්වීමටයි සැලසුම් කර ඇත්තේ.
ලබන වසරේ පළමු පාසල් වාරය ජනවාරි 4 වනදා සිට අප්‍රේල් 9 වනදා දක්වා පැවැත්වීමට නියමිතයි.
දෙවනි පාසල් වාරය පැවැත්වෙන්නේ අප්‍රේල් 26 සිට ජූලි 30 වනදා දක්වා බවයි අදාළ චක්‍රලේඛයේ දැක්වෙන්නේ.
තුන්වන පාසල් වාරය අගෝස්තු 30 වනදා සිට දෙසැම්බර් 3 වනදා දක්වා පැවැත්වීමට නියමිතයි.
ඒ අනුව ලබන වසරේ උසස් පෙළ විභාගය අගෝස්තු මාසයේත් සාමාන්‍ය පෙළ විභාගය දෙසැම්බර් මාසයේත් පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා.








