Published
ලිට්‍රෝ ගෑස් මිල ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මකවන පරිදි ඉහල දැමුණා.
ඒ අනුව කිලෝග්‍රෑම් 12.5 ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 300කින් ඉහළ ගොස් ඇති අතර එහි නව මිල රුපියල් 3990ක්.
කිලෝග්‍රෑම් 5 ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 120කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 1602ක් වනවා.
කිලෝග්‍රෑම් 2යි දශම 3 ගෑස් සිලින්ඩරයක මිල වැඩිකෙරුණේ රුපියල් 56කින්. ඒ අනුව එම වර්ගයේ ගෑස් සිලින්ඩරයක නව මිල රුපියල් 750ක් දක්වා ඉහල ගොස් තිබුණා.
ලෝක වෙළඳපොලේ ගෑස් මිල ඉහළ යාම හේතුවෙන් සිදුකළ හැකි අවම මිල සංශෝධනය සලකා බැලීමෙන් අනතුරුව, මාස 18 කට පසුව එනම් 2024 අගෝස්තු මාසයෙන් පසු ගෑස් මිල ඉහළ දැමීමට තීරණය කළ බවයි ලිට්‍රෝ සමාගම නිවේදනය කලේ.
මේ අතර ලෝක වෙළඳපොල තත්වයන් සැලකිල්ලට ගනිමින් ඉන්ධන මිල ඉහල දැමුණේ පෙරේදා මධ්‍යම රාත්‍රියේ සිටයි.




