ලියොනෙල් මෙසීගේ පෞද්ගලික අත්සන සහිත, 2026 ආර්ජන්ටිනානු පාපන්දු ජර්සියක් දිනා ගැනීමේ දුර්ලභ අවස්ථාවක් ශ්‍රී ලාංකිකයන්ට දැන් උදා වී තිබෙනවා.

ශ්‍රී ලාංකිකයන්ට මෙම සුවිශේෂී අවස්ථාව උදාකර දෙන්නේ ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම චොක්ලට් සන්නාමයක් වන Ritzbury Roccoa වෙතින්.

ආජන්ටිනාව මේ වනවිට ලෝක කුසලාන පාපන්දු තරඟාවලියේ අවසන් කණ්ඩායම් හතර අතරට පැමිණ තිබෙනවා.

අවසන් පූර්ව වටයේ ඔවුන් සහභාගී වන තරගය අනිද්දා එංගලන්තය සමග පැවැත්වීමට නියමිතයි.

එසේ තිබියදී ලියොනෙල් මෙසී මේ වන විට මෙම තරගාවලියේ වැඩිම ගෝල ලාභීන් දෙදෙනාගෙන් කෙනෙකු වී සිටිනවා.

ඔහු සහ ප්‍රංශ ක්‍රිඩක කෙලියන් එම්බාපේ දෙදෙනාම මේ වන විට මෙම තරගාවලියේදී ගෝල අට බැගින් රැස් කරගෙනයි සිටින්නේ.

ඒ අනුව ලියොනෙල් මෙසීගේ පෞද්ගලික අත්සන සහිත 2026 ආජන්ටිනානු පාපන්දු ජර්සියක් දිනා ගැනීමට ලැබෙන්නේ නම් පාපන්දු ලෝලීන්ට සැබවින්ම එය උන්මාදයක් වනු ඇති.

ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ උණුසුම ශ්‍රී ලංකාවට රැගෙන එමින් Ritzbury Roccoa සංවිධාන කරන මෙම ප්‍රවර්ධන වැඩසටහනේ තෑගි දිනාගැනීමේ අවස්ථාව මෙසීගේ අත්සන සහිත ජර්සියෙන් අවසන් නොවන බව ද මෙහිදී ප්‍රකාශ කෙරුණා.

එහි ඊළඟ පියවර ලෙස පාපන්දු ලෝකයේ තවත් නොමැකෙන සලකුණක් වන ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝගේ අත්සන සහිත පෘතුගාල ජර්සියක් දිනා ගැනීමට ද ඉදිරියේදී අවස්ථාව සලසා දෙන බවයි CBL Foods International පුද්ගලික සමාගම සැවසුවේ.

ඊටත් අමතරව, දින 30ක් පුරා සෑම දිනකම වාසනාවන්තයින් 10 දෙනෙකු බැගින් තෝරාගෙන, සුවිශේෂී ලෙස නිර්මාණය කළ පාපන්දු ජර්සි 300ක් පිරිනැමීමට ද Ritzbury Roccoa සූදානමින් සිටිනවා.