මීගලෑව, තම්මිටගම ප්‍රදේශයේදී වනඅලි ප්‍රහාරයකට ලක් වූ පුද්ගලයෙකු ජීවිතක්‍ෂයට පත්ව තිබෙනවා.

පොලීසිය පැවසුවේ වයස අවුරුදු 77 ක් වන පුද්ගලයෙකු එලෙස ජීවිතක්‍ෂයට පත්ව ඇති බවයි.

ඔහු සිය නිවස ඉදිරිපිට සිටියදී මෙලෙස වනඅලි ප්‍රහාරයට ලක්ව තිබෙනවා.

මේ අතර අරලගංවිල, රණවිරු ගම්මානයේදී වනඅලි ප්‍රහාරයකට ලක්ව තවත් පුද්ගලයෙකු ජීවිතක්‍ෂයට පත්ව තිබෙනවා.

අවුරුදු 61 ක් වූ ඔහු පිඹුරත්තෑව ජලාශයේ ධීවර රැකියාව සඳහා ගොස් නැවත නිවසට පැමිණෙමින් සිටියදී මෙලෙස වනඅපි ප්‍රහාරයට ලක්ව ඇති බවයි අරලංගවිල පොලීසිය පැවසුවේ.