ශ්‍රී ලංකාවේ පරිසර සංරක්ෂණය හා පාරිසරික කළමනාකරණය ශක්තිමත් කිරීමේ අරමුණින් නව පරිසර නිලධාරීන් 281 දෙනෙකු සඳහා පත්වීම් ලිපි ප්‍රදානය කිරීම අද (25) පරිසර අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී සිදු කැරුණා.

ලැබී තිබූ අයදුම්පත් 14,000ක් අතරින් අනුමත බඳවා ගැනීමේ පටිපාටියට අනුව සුදුසුකම් මතයි මෙම පිරිස තෝරාගෙන ඇත්තේ.

මධ්‍යම පරිසර අධිකාරියට අවසන් වරට පරිසර නිලධාරීන් බඳවාගෙන තිබුණේ 2017 වසරේදීයී.

මෙවැනි විශාල නිලධාරීන් පිරිසක් එකවර බඳවාගෙන තිබුණේ 1997 වසරේදීයි .

ඒ අනුව, වසර 29කට පසු මෙතරම් විශාල පරිසර නිලධාරීන් පිරිසක් එකවර රාජ්‍ය සේවයට එක්කර ගැනීම විවිශේෂත්වයක් වනවා.