Published
ඩෙංගු ව්‍යාප්තිය හේතුවෙන් තාවකාලිකව වසා දැමුණු කොළඹ සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ අධ්‍යයන කටයුතු අද සිට යළි ආරම්භ වනවා.
ඩෙංගු සහ වෛරස් උණ රෝග ව්‍යාප්තිය සැලකිල්ලට ගනිමින් එම විශ්වවිද්‍යාලය වසා දැමුණේ පසුගිය 2 වනදායි.
මේ අතර වසරේ මේ දක්වා කාලසීමාව තුළ ඩෙංගු රෝගීන් 68,071ක් වාර්තා වී තිබෙනවා.
ඒ අතරින් පුද්ගලයන් 47 දෙනෙකු ජිවිතක්ෂයට පත්ව ඇති බවයි ජාතික ඩෙංගු මර්දන එකකය පැවසුවේ.




