ඉන්දීය A සහ ඇෆ්ගනිස්තාන A කණ්ඩායම් සමග පැවැත්වෙන තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් තරඟයට සුදුසුකම් ලබා ගැනීමට ශ්‍රී ලංකා A කණ්ඩායම අද සමත් වුණා.
ඒ, ඇෆ්ගනිස්තාන A කණ්ඩායම සමග අද පැවති තරඟය ලකුණු 103න් ජය ගනිමින්.
රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී මෙම තරඟය පැවැත්වුණා.
තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන්නේ ශ්‍රී ලංකා A කණ්ඩායමයි.
ඔවුන් නියමිත පන්දු වාර 50දී කඩුලු 8ක් දැවී ලකුණු 322ක් ලබා ගත්තා.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඇෆ්ගනිස්තාන A කණ්ඩායමට පන්දු වාර 42යි පන්දු 5කදී සියලු දෙනා දැවී රැස්කර ගැනීමට හැකි වූයේ ලකුණු 219ක් පමණයි.
ශ්‍රී ලංකාව වෙනුවෙන් නැවත වරක් විශිෂ්ට පෙති හරඹයක යෙදුණු අවිශ්ක ප්‍රනාන්දු ලකුණු 110ක් ලබා ගත්තා.
නිරෝෂන් දික්වැල්ල ලකුණු 66යි.
පන්දු යැවීමේදී ශ්‍රී ලංකාව වෙනුවෙන් ඉහළම දක්ෂතාව දැක්වීමට දුලාජ් සමුදිත සමත් වුණා.
ඔහු ඇෆ්ගනිස්ථාන ඉනිමේ පළමු පන්දු වාරයේදීම කඩුළු දෙකක් දවා ගත් අතර තරඟයේදී පන්දු වාර හයයි පන්දු පහක් යවා ලකුණු 25කට කඩුලු 5ක් දවා ගත්තා.
කුඟදාස් මතුලන් ලකුණු 38ට කඩුලු 3යි.
තරගාවලියේ අවසන් මහා තරගය ලබන ඉරිදා ශ්‍රී ලංකා A කණ්ඩායම සහ ඉන්දීය A කණ්ඩායම අතර පැවැත්වෙනවා.




