වත්මන් ආණ්ඩුව යටතේ සතොස පාඩු ලබන බවට කෙරෙන ප්රකාශ අසත්ය බව වෙළෙඳ අමාත්ය වසන්ත සමරසිංහ මහතා පවසනවා.
අමාත්යවරයා පැවසුවේ පසුගිය වසරට සාපේක්ෂව මේ වසරේ දී ලංකා සතොස ලාභ ලබා ඇති බවයි.
"සාකච්ඡාවට අරන් තියෙන්නේ ලංකා සතොසේ පාඩුව ගැන, නේද? හරියට වසන්ත සමරසිංහ ඇවිල්ලා පාඩුව කරා වගේ තමයි තියෙන්නේ, රවීන්ද්ර ප්රනාන්දුත් නෙමෙයි තියෙන්නේ. හැබැයි ලංකා සතොස ගැන කියපු සමහර හොඳ දන්නේ නැතුව එහෙම තමයි, සමාජයේ එහෙම තමයි. නමුත් මේ කතාව කියන්න ඕනේ කියලා මට හිතුනේ අද. මම මේ අමාත්යාංශයේ අමාත්යවරයා බවට මමත් අපේ නියෝජ්ය ඇමතිවරු දෙන්නත් එක්ක පත්වෙන්නේ 2024 නොවැම්බර් මාසේ. 2024 නොවැම්බර් මාසෙන් පස්සේ දැන් අපි අවුරුදු දෙකක් යන්තම් මේ ගෙවමින් තියෙන්නේ. මේ අවුරුදු දෙක එනකොට අපි ලංකා සතොසේ පාඩු ලබපු අවුට්ලට් 250ක් තිබිච්ච එක දැන් 200කට කිට්ටු ප්රමාණයකට අඩු කරලා තියෙනවා. ලාභ ලබන තව 50ක් එකතු කරලා තියෙනවා. එතකොට ලංකා සතොස පිළිබඳ තියෙන චිත්රය සමාජය ඇතුළේ... මේක දන්නේ නැහැ සමහර විට. අපි පාඩු ලබන එකක්, ලංකා සතොස මෙහෙම ඒවා පුළුවන්නේ, මෙහෙම ඒවා පුළුවන්නේ, මෙහෙම ඒවා පුළුවන්නේ කියලා කියනවා. හැබැයි මේ ලංකා සතොසේ හිටපු සමහර ඉහළ සභාපතිවරු, කළමනාකරුවනුත් අදාළයි. මම එහෙම කියන්නේ ඉතාම වගකීමෙන්, ලංකා සතොස මෙතැනට වැට්ටුවේ දේශපාලනය සහ ඒ අදාළ අය තමයි. එහෙම නැත්නම් බඩු ටික මිනිස්සු අරන් යන්නේ සල්ලිකවලට නම් පාඩු වෙන්න විදියක් නැහැනේ. දේශපාලඥයෝ ගෙවල්වලට බඩු... බඩු බෙදන්න ගත්තාම නේ. දැන් නඩු ඇහෙනවා ඉතින්, දැන් ගෙදර ගාලා හරියන්නේ නැහැ. ඒවට වගකියන්න ඕනේ. එතකොට ලංකා සතොස පාඩු වෙනවා. අපි 2024 බාර ගන්නකොට, 2024 අවසන් වෙනකොට ලංකා සතොසේ අලාභය මිලියන 22,000යි. දැන් කට්ටිය කියන්නේ මම ඇවිල්ලා මිලියන 22,000ක් පාඩු කරා වගේ කියලා, ඒකත් එහෙම තමයි. එහෙම තමයි කට්ටිය හිතන් ඉන්නේ."
දෙසැම්බර් වන විට සතොස තවදුරටත් ලාභ ලබන ආයතනයක් බවට පත්කර ගත හැකි බවයි අමාත්ය වසන්ත සමරසිංහ මහතා වැඩිදුරටත් පැවසුවේ.
"සතොස තෝරන් ඉන්නේ සමහර සැපයුම්කරුවන් ඩස්බින් එකක් කියලා හිතාගෙන. සාම්පල් එක හොඳ එකක් ගෙනැත් දීලා, ස්ටෝස් එකට බඩු ටික බාරදෙනකොට නරක ඒවා බාරදෙන ඒවා තියෙනවා. අපි එහෙම කරන්න දෙන තැනක් නෙමෙයි. අපිට ප්රශ්නයක් තියෙනවා සැපයුම්කරුවන්ට ගෙවීමේ ප්රශ්නයක් තිබුණා, දැන් අපි ටික ටික ඒක බැලන්ස් කරගෙන ඇවිල්ලා තියෙනවා. සතොස 2025ට වඩා 2026 අපි හොඳට පෆෝම් කරලා තියෙනවා. අලාභය අඩු කරලා තියෙනවා, මම හිතනවා දෙසැම්බර් මාසේ වෙනකොට අපි ලාභ ලබන තැනට සතොස, එහෙම නැත්නම් මේ අලාභ අවසන් කරන තැනට ගේන්න කටයුතු කරන්න අපිට පුළුවන්කම තියෙනවා."




