Published
සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ සිසුන් දෙදෙනෙකුට අමානුෂික ලෙස පහරදීමේ සිද්ධියට අත්අඩංගුවට ගත් සිසුන් 7 දෙනා ලබන 10 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.
ඒ, පොලීසිය විසින් අත්අඩංගුවට ගත් එම සැකකාර සිසුන් හත් දෙනා වව්නියාව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදීයි.
වව්නියාවේ සිගිති පාතාලය ලෙස සදහන් කරමින් සමාජ මාධ්‍ය හරහා සංසරණය වූ සිසුන් දෙදෙනෙකුට පහරදීමේ එම විඩියෝව සම්බන්ධයෙන් ඉරට්ටපෙරියකුලම පොලීසිය විසින් සිදුකළ විමර්ශන හමුවේයි සැකකාර සිසුන් 7 දෙනා අත්අඩංගුවට ගනු ලැබුවේ.
ඔවුන් ඉරට්ටපෙරියකුලම ප්‍රදේශයේ පදිංචි අවුරුදු 14 ත් 17 ත් අතර වයස්වල පසුවන්නන් වන බවයි පොලීසිය පැවසුවේ.
අදාළ පහර කෑමට ලක් වු සිසුන් දෙදෙනා මේ වනවිට වව්නියාව රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබනවා.




