සාම පාගමනේ නිරත භික්ෂුන්වහන්සේට බාධාවන ආකාරයෙන් කටයුතු නොකරන්නැයි ශ්‍රී ලංකා පොලිසිය මහජනතාවගෙන් ඉල්ලීමක් කරනවා.

නිවේදනයක් නිකුත් කරමින් පොලිස් මාධ්‍ය කොට්ඨාසය සදහන් කළේ එම භික්ෂුන් වහන්සේට ආරක්ෂාව සැලසීමටද මහජන සහය අවශ්‍ය බවයි.

ඇතැම් ප්‍රදේශ හරහා සාම පාගමන ගමන් කිරීමේදී තල්ලුකර ගැනීම්, තෙරපීම් හා විඩියෝගත කිරීම් හේතුවෙන් ඊට බාධා එල්ල වුණා.

ඇතැමුන් ආලෝකා සුනඛයා ස්පර්ෂ කිරීමට සහ එම සුනඛයා සමඟ සෙල්ෆි ජයාරූප ගැනීමට උත්සහකල අවස්ථාද නිරීක්ෂණය වූ බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිකුත් කල නිවේදනයේ දැක්වුනේ.

එය සම්පූරණයෙන්ම මෙම සාම පාගමනට බාධාකාරී හැසිරීමක් වනවා.

සාම පාගමනේ නිරත වියට්නාම ජාතික පුජ්‍ය පඤ්ඤාකර හිමියන් ඇතුළු අනෙකුත් භික්ෂුන්වහන්සේ එවැනි හැසිරීමක් බලාපොරොත්තු නොවන අතර මනා විනයගරුක හැසිරීමක් මෙරට ජනතාවගෙන් උන්වහන්සේ බලාපොරොත්තු වන බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිකුත් කළ නිවේදනයේ දැක්වුනේ.

සාම පාගමනට බාධාවන හැසිරීම් සිදුවන්නේ නම් එය එම පාගමන සාර්ථකව අවසන් කරගැනීමටද බාධාවක් වනවා.

එම නිසා මග දෙපස රැස්වන ජනතාව සාම පාගමනට ගෞරවය දැක්වීම සඳහා විනයානුකූලව මනා සංයමයකින් යුක්තව හැසිරෙන ලෙසයි පොලිසිය මහජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.

මේ අතර ‘ඒහිපස්සිකෝ“ සාම පාද යාත්‍රාව හතරවන දිනට මාවනැල්ල, බෙලිගම්මන - රජමහා විහාරයෙන් අද උදෑසන ආරම්භ වුනා. මෙම සාම පාද යාත්‍රාව අද තෝලංගමුව ජාතික පාසල දක්වා ගමන් කිරීමට නියමිතයි.