Published
සොයිසාපුර ප්රදේශයේ අවන්හලක හිමිකරුවෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට අදාළ සැකකරුවන් රැගෙන ආ මෝටර් රථ රියදුරා අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ, ගල්කිස්ස කොට්ඨාස අපරාධ කාර්යාංශයේ නිලධාරීන් කණ්ඩායමක් ලුනාව දුම්රිය පොල ස්ථානය අසල සිදුකළ වැටලීමකදීයි.
අත්අඩංගුවට ගෙන ඇත්තේ කැළණිය ප්රදේශයේ පදිංචිකරුවෙක්.
ඔහු සන්තකයේ තිබි අයිස් මත්ද්රව්ය ග්රෑම් 6ක් ද සොයා ගත් බවයි පොලීසිය පැවසුවේ.
පසුගිය 20 වනදා සිදුවූ එම වෙඩි තැබීමෙන් අවන්හල් හිමියා ජීවිතක්ෂයට පත් වු අතර කාන්තාවක් ද තුවාල ලැබුවා.




