ශ්‍රී ලංකා හෙල්ල විසි කිරීමේ ක්‍රීඩක රුමේෂ් තරංග නව ශ්‍රී ලංකා වාර්තාවක් පිහිටුවීමට සමත් වී තිබෙනවා.

ඒ, ඉතාලියේ රෝම නුවර පැවති ඩයමන්ඩ් ලීග් මලල ක්‍රීඩා තරගාවලියේදී මීටර් 92.62ක දුරක් හෙල්ල විසි කරමින්.

එම දක්ෂතාවයත් සමග ඔහු ආසියානු මලල ක්‍රීඩා ඉතිහාසයේ දෙවන හොඳම හෙල්ල විසි කිරීමේ දක්ෂතාවය වාර්තා කළ ක්‍රීඩකයා ලෙසට පත් වුණා.

ලෝක ඉතිහාසයේ හොඳම දක්ෂතා අතර 8 වැනි ස්ථානයටත් පැමිණීමටද ඔහු සමත් වුණා.

මෙය 2026 වසරේ ලෝකයේ හොඳම හෙල්ල විසි කිරීමේ දක්ෂතාවය ලෙස සටහන් වී ඇති අතර, 2026 වසර තුළ මීටර් 90 සීමාව පසු කළ පළමු සහ එකම ක්‍රීඩකයා ලෙසද රුමේෂ් තරංග ඉතිහාසයට එක්වීම විශේෂත්වයක්.

එමෙන්ම, ශ්‍රී ලංකා මලල ක්‍රීඩා ඉතිහාසයේ මීටර් 90 සීමාව ඉක්මවා හෙල්ල විසි කළ පළමු ක්‍රීඩකයා වීමේ ගෞරවයද රුමේෂ් තරංග හිමිකරගත්තා.