Published
හයිලෙවල් මාර්ගයේ හෝමාගම, පිටිපන මංසන්ධියේ භූගත නලයක ජල කාන්දුවක් හටගෙන තිබෙනවා.
මේ හේතුවෙන් මාර්ගය දෙපස ජලය ගලායන ආකාරයක් නිරීක්ෂණය වුණා.
අදාල ජල කාන්දුව සැකසීම සදහා ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය මේ වනවිට කටයුතු කරමින් සිටිනවා.
මේ හේතුවෙන් හයිලෙවල් මාර්ගයේ හෝමාගම සිට අවිස්සාවේල්ල දක්වා මංතීරුවේ කොටසක් පිටිපන හන්දියෙන් අවහිර වී තිබෙනවා.




