Published
රිය අනතුරක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ජාතික ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්රී චන්දන සූරියාරච්චි මහතා ඇප මත මුදාහැර තිබෙනවා.
ඒ, හෝමාගම මහේස්ත්රාත් අධිකරණය ලබාදුන් නියෝගයක් මතයි.
ඒ අනුව මන්ත්රීවරයා රුපියල් ලක්ෂයක ශරීර ඇපයක් මත මුදාහරින ලෙසයි අධිකරණය නියෝග කළේ.
අතුරුගිරිය පොලීසිය මගින් ඔහු අත්අඩංගුවට ගනු ලැබුවේ පනාගොඩ, මැද මණ්ඩිය ප්රදේශයේ සිදුවූ රිය අනතුරකට අදාළවයි.
මන්ත්රීවරයා පැදවූ මෝටර් රථය පදිකයෙකුගේ ගැටී එම අනතුර සිදුව තිබෙනවා.
එහිදී තුවාල ලැබු පදිකයා ප්රතිකාර සදහා ඇතුළත් කෙරුණේ හෝමාගම මූලික රෝහලටයි.




