Published
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ මහත්මිය කොළඹ ප්රධාන මහේස්ත්රාත් අධිකරණයට රැගෙන විත් තිබෙනවා.
ඇය අත්අඩංගුවට ගනු ලැබුවේ සිරිලිය සවිය ගිණුම සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ෂණයකට අදාලවයි.
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් ශිරන්ති රාජපක්ෂ මහත්මියගෙන් ප්රකාශ සටහන් කරගැනීමෙන් අනතුරුව අද උදෑසන අත් අඩංගුවට ගනු ලැබුවේ කිරුළපන පිහිටි ඇගේ නිවසේදීයි.



