Published
බලපත්රයක් නොමැතිව බගවන්තලාව, කෙසෙල්ගමුඔය රක්ෂිතයේ අනවසරෙන් මැණික් ගැරූ සැකකරුවන් 7 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ, බගවන්තලාව පොලිස් ස්ථානයට ලද තොරතුරක් මත එහි නිලධාරීන් කණ්ඩායමක් සිදුකළ වැටලීමකදීයි.
එහිදී අත්අඩංගුවට ගෙන ඇත්තේ බගවන්තලාව ප්රදේශයේම පදිංචිකරුවන් පිරිසක්.
ඔවුන්ගෙන් කිහිප දෙනෙකු මීට පෙරද අනවසරයෙන් මැණික් ගරා ඇති බවත් ඔවුන්ට එරෙහිව නීතිය ක්රියාත්මක කළ බවත් පොලිසිය පැවසුවා.




