වී මිළ දී ගැනීමේ රජයේ වැඩපිළිවෙල යටතේ මේ වනවිට අනුරාධපුර දිස්ත්‍රික්කකයේ වී මෙට්‍රික් ටොන් 150ක් ගොවින්ගෙන් මිලදී ගෙන ඇතැයි වී අලෙවි මණඩලයේ අනුරාධපුර ප්‍රාදේශිය කළමනාකාර නිමල් තෙන්නකෝන් මහතා පවසනවා.

මෙි වනවිට අනුරාධපුර දිස්ත්‍රික්කයේ වී ගබඩා 17ක් විවෘත කර ඇති බවයි ඔහු පැවසුවේ.

එමෙන්ම තවත් වී ගබඩා 7 ක් විවෘත කිරීමට නියමිතව තිබෙනවා.

එක් ගොවියකුගෙන් උපරිමය වී කිලෝ 2500 මිලදී ගන්නා බවත් ඒ සඳහා ගෙවිය යුතු මුදල් අදාල ගොවීන්ගේ ගිණුම්වලට බැර කිරීමට කටයුතු කරන බවත් වී අලෙවි මණ්ඩලයේ අනුරාධපුර ප්‍රාදේශීය කළමණාකාර නිමල් තෙන්නකෝන් මහතා වැඩිදුරටත් පැවසුවා.