අනුරාධපුර නගර සැලැස්ම පිළිබඳ දැනුවත් කිරීම සඳහා විශේෂ මාධ්‍ය හමුවක් අද දිනයේ පැවැත්වීමට නියමිතව බව වාර්තා වනවා.
බුද්ධ ශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන මෙම මාධ්‍ය හමුව සඳහා වැඩබලන අටමස්ථානාධිපති පූජ්‍ය ඊතලවැටුනුවැවේ ඥානතිලක හිමියන් ප්රමුඛ මහා සංඝරත්නය වැඩම කිරීමට නියමිත බවටයි වාර්තා වන්නේ.
අනුරාධපුර නගර සැලැස්ම පිළිබඳව මේ දිනවල දැඩි කතාබහක් සිදුවන අතර එම සැලැස්ම ක්‍රියාත්මක කිරීම නතර කරන ලෙස ද ඉල්ලීම් ඉදිරිපත් වී තිබෙනවා.
ඒ අනුව අදාළ අනුරාධපුර නගර සැලැස්ම පිළිබඳව මෙලෙස මාධ්‍ය හරහා දැනුවත් කිරීමට සැලසුම් කර ඇති බව බුද්ධ ශාසන ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යංශය සඳහන් කළා.
මාධ්‍යයට කරුණු දැක්වීමට පෙර මහා සංඝ රත්නය ඇතුළු සියලු පාර්ශ්වයන් මේ සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට නියමිත බවද වාර්තා වනවා.
දැනට ගැසට් තිබෙන අනුරාධුර පූජා භූමි සැලැස්මේ ඇතැම් කරුණු සැක සහිත බවට නෙත් නිවුස් මුලින්ම පෙන්වා දුන් අතර පසුව ඒ පිළිබද ඉහළ සමාජ අවධානයක් ලැබුණා.
කරුණු සොයා බැලීමට ජනාධිපතිවරයා පෞද්ගලිකව අනුරාධපුරයට ගියේත් වැඩබලන අටමස්ථානාධිපති හිමියන්ගේ සම සභාපතිත්තවයෙන් උපදේශන කමිටුවක් පත් කෙරුණේත් ඉන් අනතුරුවයි.




