හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරල ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවෙකු වී මරණ දඬුවමට නියම වී සිටි තැනැත්තෙකු වැලිකඩ බන්ධනාගාරයේදී ඉහළ මහලකින් වැටී මියගොස් තිබෙනවා.
මෙලෙස මිය ගොස් ඇත්තේ පස්යාල ප්‍රදේශයේ පදිංචිව සිටි 29වන වියේ පසුවූ සුපුන් තරිඳු සුනිල් රත්න නමැත්තෙක්.
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරල ඝාතනය සම්බන්ධයෙන් නියම කෙරුණු මරණ දඬුවමට එරෙහිව ඔහු අභියාචනයක් ද ගොනු කරනු ලැබ සිටියා.
මෙම රැඳවුවා රඳවනු ලබ සිටියේ වැලිකඩ බන්ධනාගාරයේ එල් වාට්ටුවෙයි. රැඳවූන් 1000ත් 1200ත් අතර පිරිසක් එහි රඳවා සිටිනවා.
අද දහවල් 12.30 ට පමණ ඔහු ගොඩනැගිල්ලේ තුන්වන මහලින් පහළට වැටී ඇති බවයි බන්ධනාගාර ආරංචි පවසන්නේ.
පසුව ඔහු වැලිකඩ බන්ධනාගාර රෝහලට ඇතුළත් කෙරුණු අතර පස්වරුවේ ඔහු මිය ගොස් තිබෙනවා.
මේ සම්බන්ධයෙන් බොරැල්ල පොලිසිය දැනුවත් කළ බවයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව පැවසුවේ.
සිද්ධිය සම්බන්ධයෙන් බන්ධනාගාර දෙපාර්තමේන්තුව විසින්ද විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.




