2027 වසර සඳහා වන අයවැය දෙවනවර කියවීමේ විවාදයේ තුන්වන දිනය අදයි.

ඒ අනුව පසුගිය 13 වනදා ආරම්භ වූ දෙවනවර කියවීමේ විවාදය නොවැම්බර් 20 දක්වා දින 07 ක් පැවැත්වීමට නියමිතයි.

අනතුරුව නොවැම්බර් 20 වනදා පස්වරු 6ට අයවැය දෙවැනිවර කියවීමේ ඡන්ද විමසීම පැවැත්වෙනවා.

2027 වසර සඳහා වන විසර්ජන පනත් කෙටුම්පතට අදාළ කාරක සභා අවස්ථාවේ විවාදය නොවැම්බර් 21 සිට දෙසැම්බර් 14 දක්වා පැවැත්වීමට නියමිතව තිබෙනවා.

ඉන් අනතුරුව විසර්ජන පනත් කෙටුම්පත තෙවනවර කියවීමේ ඡන්ද විමසීම දෙසැම්බර් 14 වනදා පස්වරු 6.00 ට පැවැත් වීමට නියමිතයි.