Published
රජයේ පාසල් පද්ධතිය තුළ පවතින ගුරු පුරප්පාඩු සඳහා බඳවා ගැනීම් මේ වසර අවසානයේ දී ආරම්භ කරන බව අග්‍රාමාත්‍ය, අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය පවසනවා.
ඒ අනුව ගුරුවරුන් 23,000ක ප්‍රමාණයක් බඳවා ගැනීමට අනුමැතිය හිමි වී ඇති බවයි අග්‍රාමාත්‍යවරිය ප්‍රකාශ කළේ.
මෙම බඳවා ගැනීම් හේතුවෙන් 2027 වසර වන විට ගුරු පුරප්පාඩු ප්‍රමාණය සැලකිය යුතු ප්‍රමාණයකින් අඩු කර ගත හැකි බව අග්‍රාමාත්‍යවරියගේ අදහසයි.
ඉසුරුපාය, අධ්‍යාපන අමාත්‍යාංශ පරිශ්‍රයේ පැවති බස්නාහිර පළාත් ජාතික පාසල් විදුහල්පතිවරුන් දැනුවත් කිරීම සහ ධාරිතා සංවර්ධන වැඩසටහනට එක්වෙමින් අග්‍රාමාත්‍ය, අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මේ බව සදහන් කළා.




