Published
තලාතුඔය, මයිලපිටිය ප්රදේශයේ සිදුවූ රිය අනතුරකින් කුඩා දැරියක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
උඩුවින්න ප්රදේශයේ පදිංචි වයස අවුරුදු දෙකයි මාස දෙකක් වූ දැරියක් එලෙස ජීවිතක්ෂයට පත්ව ඇති බවයි පොලිසිය පැවසුවේ.
තැන්නකුඹුර දෙසට ධාවනය වූ මෝටර් රථයක් වෙනත් වාහනයකට ඉස්සර කිරීමට යාමේදී ප්රතිවිරුද්ධ දෙසින් පැමිණි ත්රීරෝද රථයක ගැටී එම අනතුර සිදුව තිබෙනවා.
අනතුරින් තුවාල ලැබූ ත්රීරෝද රථයේ රියැදුරා, ඔහුගේ බිරිඳ සහ ඔවුන්ගේ කුඩා දැරිය හඟුරන්කෙත රෝහලට ඇතුළත් කිරීමෙන් පසු කුඩා දැරිය එලෙස ජීවිතක්ෂයට පත්ව ඇතිූ බවයි පොලිසිය පැවසුවේ.
අනතුරට සම්බන්ධ මෝටර් රථ රියැදුරා තලාතුඔය පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.




