මුදල් අක්‍රමිකතා, විවිධ දූෂණ චෝදනා සහ විවිධ ගණුදෙනු සම්බන්ධයෙන් එල්ල වන චෝදනා හේතුවෙන් ආණ්ඩුවේ ජනප්‍රියත්වය අඩුවෙමින් ඇතැයි මාලිමා ආණ්ඩුවේම මන්ත්‍රීවරුන් පිරිසක් චෝදනා කර ඇතැයි වාර්තා වනවා.

පවතින ගැටළුව කඩිනමින් විසදීමට පියවර ගන්නා ලෙසට මන්ත්‍රීවරුන් 12 දෙනෙකු ලිඛිතව ආණ්ඩුවට දැනුම් දී ඇති බවයි වාර්තා වන්නේ.

ඊට විසදුම් නොලැබෙන්නේ තමන් තනතුරුවලින් ඉල්ලා අස්වන බවද එම මන්ත්‍රීවරුන් දැනුම් දී තිබෙනවා.

අදාළ පිරිස අතරට අමාත්‍යවරුන් දෙදෙනෙක් සහ නියෝජ්‍ය අමාත්‍යවරුන් තිදෙනෙකුද අයත් බවයි වැඩිදුරටත් වාර්තා වුණේ.

ඒ පිළිබද තවත් තොරතුරු නෙත් නිවුස් කණින් කොනින් විශේෂාංගයෙන් හෙළි කළ අතර එය ඇතුළත් අද (01) උදෑසන ප්‍රචාරය වූ නෙත් නිවුස් ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය පහතින්.