විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා අද එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය අමතනවා.

ශ්‍රී ලංකාව වෙනුවෙන් නිල ප්‍රකාශය ඔහු එහිදී ඉදිරිපත් කිරීමට නියමිතයි.

​එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිය මෙවර පැවැත්වෙන්නේ 81 වරටයි.

අමෙරිකාවේ නිව්යෝර්ක් නුවර පිහිටි එක්සත් ජාතීන්ගේ මුලස්ථානයේදී මෙම සැසිය පැවැත්වෙනවා.

​සැප්තැම්බර් 27 වැනිදා ආරම්භ වූ මෙම මහා මණ්ඩල සැසිය ලබන 30 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතයි.

​“විශ්වාසය යළි ගොඩනැගීම, පරිවර්තනය කළමනාකරණය කිරීම - සැමට ප්‍රතිඵල ලබා දෙන එක්සත් ජාතීන්ගේ සංවිධානයක්” යන්න මෙවර සැසියේ ප්‍රධාන තේමාව වී තිබෙනවා.

​මෙම සංචාරය අතරතුරදී විදේශ කටයුතු අමාත්‍යවරයා, එක්සත් ජාතීන්ගේ මහලේකම් අන්තෝනියෝ ගුටරෙස් මහතා ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් මෙන්ම රටවල් කිහිපයක විදේශ අමාත්‍යවරුන් සමඟද ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමට නියමිතයි.