මෙම වසරේ මුල් මාස පහ තුළ ඉන්ධන පරිභෝජනය සාපේක්ෂව සුළු වශයෙන් අඩු මට්ටමක පැවතියද, ලෝක වෙළෙඳපොළේ තෙල් මිල ඉහළ යාම හේතුවෙන් ඉන්ධන ආනයන වියදම සැලකිය යුතු ලෙස ඉහළ ගොස් ඇති බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසනවා.

ඉකුත් ජනවාරි මාසයේදී ඉන්ධන ආනයනය සඳහා අමෙරිකානු ඩොලර් මිලියන 186ක් වැය වූ අතර, මැයි මාසය වන විට එය ඩොලර් මිලියන 521 දක්වා ඉහළ ගොස් ඇති බවයි අද පැවත් කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක් වෙමින් අමාත්‍යවරයා කියා සිටියේ.

ඉන්ධන මිල පසුගියදා නැවත වරක් ඉහල දැමීමට හේතුවූ කරුණු සම්බන්ධයෙන් මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා.