Published
තලෙයිමන්නාරමට උතුරු දෙසින් ශ්‍රී ලංකා මුහුදු සීමාව උල්ලංඝනය කරමින් අනවසරයෙන් ධීවර කටයුතුවල නිරතව සිටි ධීවර යාත්‍රාවක් සමග ඉන්දීය ධීවරයන් නව දෙනෙකු සිය භාරයට ගත් බව නාවික හමුදාව පවසනවා.
ඉරණතිව් දූපතට දකුණු දෙසින් පිහිටි ශ්‍රී ලංකා මුහුදු සීමාව තුළට අනවසරයෙන් ඇතුළු වූ ඉන්දීය ධීවර යාත්‍රා පනහකට අධික සංඛ්‍යාවක් ධීවර කටයුතු සිදුකරමින් සිටි බවයි නාවික හමුදාව පැවසුවේ.
නාවික හමුදාව සිදුකළ මෙහෙයුම් හමුවේ සෙසු ධීවර යාත්‍රා පලාගොස් තිබෙනවා.
සිය භාරයට ගත් ධීවර යාත්‍රාවේ සිටි ඉන්දීය ධිවරයින් ඉදිරි නීතිමය කටයුතු සඳහා මන්නාරම ධීවර පරීක්ෂක කාර්යාලය වෙත භාර දුන් බවද නාවික හමුදාව වැඩිදුරටත් පැවසුවා.








