Published
ශ්‍රී ලංකන් ගුවන් සේවයට එයාර් බස් මිලදී ගැනීමේදී සිදුවූ බව කියන මූල්‍ය අක්‍රමිකතා සහ මුදල් විශුද්ධිකරණ සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ රුපියල් ලක්ෂ 5ක මුදල් ඇපයක් සහ රුපියල් මිලියන 100 බැගින් වු ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට කොළඹ කොටුව මහේත්‍රාත් පසන් අමරසේන අද (30) නියෝග කළා.
එසේම, සැකකරුගේ විදෙස් ගමන් තහනම් කළ මහේසත්රාත්වරයා එම නියෝගය ආගමන විගමන පාලකවරයා වෙත දැනුම් දෙන ලෙස ද අධිකරණ රෙජිස්ට්රාර්වරයාට නියම කළා.
සිද්ධියට අදාල නඩුව කැඳවු අවස්ථාවේදි විමර්ශන නිලධාරීන් විසින් කරන ලද කරුණු දැක්වීමෙන් අනතුරුව මෙලෙස නියෝග නිකුත් වුණා.
ඊට අමතරව සාක්ෂිකරුවන්ට බලපෑම් කිරීමෙන් වළකින ලෙසත් සැකකරු වෙත මහේස්ත්‍රාත්වරයා විසින් තවත් ඇප කොන්දේසියක් පනවනු ලැබුවා.




