Published
ශ්‍රීලන්කන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද පස්වරුවේ සිදු කෙරුණා.
ඒ, බොරැල්ල පොදු සුසාන භූමියේදීයී.
ඔහුගේ මළ සිරුර කොල්ලුපිටිය ප්‍රදේශයේ නිවසක තිබියදී පසුගිය 08 වනදා සොයා ගනු ලැබුවා.
එම මරණය සම්බන්ධයෙන් විමර්ශන මේ වන විට කොළඹ අපරාධ කොට්ඨාසයට භාරදී තිබෙනවා.
මේ අතර කපිල චන්ද්‍රසේන මහතාගේ මෘත ශරීරය සම්බන්ධයෙන් වූ පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකිරීම සඳහා කොළඹ ප්‍රධාන විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරී ශ්‍රියන්ත අමරරත්න මහතාගේ සභාපතිත්වයෙන් යුතු පංච පුද්ගල විශේෂඥ අධිකරණ වෛද්‍ය කමිටුවක් පත්කරනු ලැබුවා.
ඒ කොටුව මහෙස්ත්‍රාත් පසන් අමරසේන මහතා ලබාදුන් නියෝගයට අනුවයි.
ඒ අනුව කොළඹ අධිකරණ වෛද්‍ය හා විෂවේද ආයතනයේදී ඊයේ (09) පෙරවරුවේ පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකෙරුණා.



