කළුතර, නාගොඩ මංසන්ධියේ අවහන්හලකට වෙඩි තැබූ සැකකරුවන් සොයා පොලිස් විමර්ශන ආරම්භ කර තිබෙනවා.

පොලිස් මාධ්‍ය කොට්ඨාසය පැවසුවේ අදාළ විමර්ශන කළුතර කොට්ඨාසභාර නිලධාරියාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කර ඇති බවයි.

යතුරු පැදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනෙකු විසින් අවන්හලේ සිටි හිමිකරුට සහ ඔහුගේ බිරිදට වෙඩි තබා පලාගොස් තිබුණා.

එම වෙඩි තැබීමෙන් අවහන්හල් හිමිකරු එම ස්ථානයේදීම ජීවිතක්‍ෂයට පත්ව ඇති බවයි පොලීසිය පැවසුවේ.

එහිදී බරපතල තුවාල ලැබූ ඔහුගේ බිරිද නාගොඩ රෝහලට ඇතුළත් කෙරුණා.