අල්ලස් කොමිසම මගින් අත්අඩංගුවට ගත් හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා එක් පැමිණිල්ලක් සඳහා ඇප මත මුදා හරින ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියම කර තිබෙනවා.

අල්ලස් කොමිසම සහ සැකකරුගේ නීතීඥවරු ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව එම නියෝගය නිකුත් කළේ කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අසංග එස් බොදරගම මහතා විසින්.

කෙහෙළිය රඹුක්වැල්ල මහතාට එරෙහි තවත් නඩුවකට අදාළව කරුණු දැක්වීම මේ වනවිට අධිකරණයේදී සිදු වනවා.

සිදුකෙරෙන විමර්ශනයකට අදාළව ප්‍රකාශයක් ලබාදීම සදහා අද පෙරවරුවේ එම කොමිසම හමුවට පැමිණි අවස්ථාවේ ඔහු අත්අඩංගුවට ගැනුණා.