අඹතලේ සිට කොලොන්නාව දක්වා ජලය සපයන ප්‍රධාන සැපයුම් නළ මාර්ගයේ හදිසි බිද වැටීමක් සිදුව තිබෙනවා.

ඒ අනුව මොරගස්මුල්ල, රාජගිරිය, නාවල, ඔබේසේකරපුර හා කොලොන්නාව නගර සභා බල ප්‍රදේශයේ ජල සැපයුම අත්හිට වූ බවයි ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පැවසුවේ.

ඒ, අද රාත්‍රී 8 දක්වායි.

අදාළ නළ මාර්ගය යථා තත්ත්වයට පත් කිරීමේ කටයුතු මේ වනවිට ආරම්භ කර ඇති බව එම මණ්ඩලය පැවසුවා.