කොළොන්නාව KFC ආයතනය තුළ සිදුකළ වැටලීමකදී හොරොයින් තොගයක් සමග කාන්තාවක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ, පොලිස් විශේෂ කාර්ය බලකායේ බුද්ධි කොට්ඨාශයේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව සිදුකළ වැටලීමකදීයි.

එහි දී සැකකාරිය සන්තකයේ තිබී
හෙරොයින් කිලෝවයි ග්‍රෑම් 50 ක් සොයා ගෙන තිබෙනවා.

ඇය මුල්ලේරියාව, උඩුමුල්ල
ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 52 ක් වන කාන්තාවක්.

එමෙන්ම අදාල හෙරොයින් තොගය සංවිධානාත්මක අපරාධකරුවකු හා මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන කොළොන්නාව ධනුෂ්ක නැමැති මත්ද්‍රව්‍ය ජාවාරම්කරුගේ ප්‍රධාන අනුගාමිකයෙකු වන අසාම් නැමැත්තාට අයත් බවට අනාවරණ වී තිබෙනවා.

සැකකාරිය වැඩිදුර විමර්ශන කටයුතු සඳහා වැල්ලම්පිටිය පොලිස් ස්ථානය වෙත භාර දුන් බවයි පොලිස් විශේෂ කාර්ය බලකාය පැවසුවේ.