පැය එක හමාරක කාලයක් ප්‍රකාශයක් ලබාදීමෙන් අනතුරුව හිටපු කථානායක චමල් රාජපක්ෂ මහතා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවෙන් පිටව ගොස් තිබෙනවා.

එම කොමිසම කළ දැනුම්දිමක්ට අනුව සිදුකරන විමර්ශනයකට අදාළව ප්‍රකාශයක් ලබාදීම සදහා චමල් රාජපක්‍ෂ මහතා අල්ලස් කොමිසම හමුවේ පෙනී සිටියා.

එයාර් බස් මිලදී ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනයකට අදාළව හිටපු කථානයක චමල් රාජපක්‍ෂ මහතාගෙන් අල්ලස් කොමිසම එලෙස ප්‍රකාශ සටහන් කර ගෙන ඇති බවයි වාර්තා වුණේ.